කරුණා අම්මාන් රිමාන්ඩ්


(UPDATE) 2.14 PM

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. ඒ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 

_DSC0114 _DSC0116 _DSC0120 _DSC0137 _DSC0148 _DSC0165 _DSC0175 _DSC0183 01

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි


11.20 AM

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා එම ඒකකයට කැඳවීමෙන් අනතුරුවයි.


11.09 AM

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකයට පැමිණ තිබේ. පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ කැඳවිම මත ඔහු එම ඒකකයට පැමිණ තිබේ. 

 



Recommended Articles