කරාපිටියේ සැත්කම් කරන සුදු දොස්තරවරු


ගාල්ල කරාපිටිය රෝහල් ළමා හෘද සැත්කම් සිදුකිරීම සඳහා එංගලන්තයේ සිට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියි. ඔවුන් මේ වනවිට සැත්කම් 225 කට අධික ප්‍රමාණයක් සිදුකර ඇත.

අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන් ඉලක්ක කරගෙන මෙම සේවාව සිදුකරන අතර විශේෂඥ වෛද්‍යවරු 08ක් හෙදියන්10ක් සහායකයන් 04ක් මෙම කණ්ඩායමට අයත් වෙති.

මෙම පිරිස එංගලන්න‍යේ එවලිනා රෝහල් වෛද්‍යවරු වන අතර වාර්ෂික නිවාඩුවට ලංකාවට පැමිණ සැත්කම් සිදුකරන බව වෛද්‍ය කණ්ඩායමේ නායක විශේෂඥ වෛද්‍ය පෝල් ස්කෑලීස් මහතා පවසයි.

වසර 14ක් පුරා මෙලෙස තම සේවාව තමන් ලංකාවට ලබාදී ඇති බවත් එම වෛද්‍ය කණ්ඩායම පවසයි. එංගලන්තයේ ජනතාව මේ සඳහා මුදල්  ආධාර ලබාදෙන බවද එක් රෝගියෙක් සුවපත් කිරීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3 සිට රුපියල් ලක්ෂ 30 දක්වා මුදලක් පමණ වැයවන බවද ඔවුහු පැවසූහ.

මෙයට අමතරව මොවුන් විසින් කරාපිටිය රෝහලට අවශ්‍ය සැත්කම් උපකරණ, උපාංග හා ඖෂධ ආදියද පරිත්‍යාග කොට තිබේ.

unnamed-(1) unnamed-(2) unnamed

 



Recommended Articles