කරදියාන, මීතොටමුල්ලක් නොකරන්නට නම්


රත්මලාන සහ පිළියන්දල සීමාවේ වේරැස් ගඟ අද්දර කරදියාන තොටුපොළ අතීතයේදී ඉතා දර්ශනීය ස්ථානයක් ලෙස සැලකුණි. පැරණි කැලණි පාලම ඉවත් කරන අවස්ථාවේදී එහි කොටස් ගෙනැවිත් වේරැස් ගඟ හරහා පාලම ඉදිකිරීමෙන් පසුව තොටුපොළ අභාවයට ගියේය. අධිවේගී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සුන්දරත්වය වියැකී යද්දී, තමන්ගේ කුඹුරු යායක් ගොඩකරගැනීමට එක් පුද්ගලයෙකු කරදියාන වෙල්යායට කුණු දැමීමට අවට වැසියන්ට අවස්ථාව දී තිබුණේ මුදලටය.

2004 2005         

වසර ගණනක් තිස්සේ විවිධ විරෝධතා මධ්‍යයේ ක්‍රමයෙන් වෙල්යාය කුණු ගොඩක් වීමත්, එයින් පසු එය බස්නාහිර පළාත් සභාවට අයත් කසළ අංගණයක් වීමත් සිදු විය. කසළ අංගනයේ සිට වේරැස් ගඟට මීටර් 100කට වඩා නැත. වේරැස් ගඟ බොල්ගොඩ වැවට වැටෙයි. මීතොටමුල්ලේ මෙන්ම වෙල්යායක් ගොඩ වී නිර්මාණය වන කසළ අංගණයෙන් වේරැස් ගං පතුලට අපවිත්‍ර ජලය එක්වීම නතර කළ නොහැකිය. එයින් පරිසර හානියක් සිදුවන්නේදැයි තවමත් නිසි ලෙස අධ්‍යයනය කර ඇති බවක් වාර්තා නොවේ. 

2010

බස්නාහිර පළාත් සභාව මෙම කසළ අංගණය මීතොටමුල්ලේ මෙන් නොව යම් ක්‍රමවත් ආකාරයකින් පවත්වාගෙන යෑමට උත්සාහ කරයි. කුණු නිසා ජීවිතය ගැටගසාගැනීමට අවට වැසියන්ට අවස්ථාවක් නොදීම මෙහිදී විශේෂ වෙයි. අනෙක් අතින් වෙන් කළ කසළ පමණක් ලබා ගැනීමද විශේෂය. අක්කර 32කට අධික ප්‍රමාණයක් කසළ අංගණය වෙත වෙන් කර මෙම කටයුත්ත සිදුවෙයි. බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය පසුගිය වසරේදී දන්වා සිටියේ 2020 වනවිට මෙහි කොම්පෝස්ට් නිපදවීමේ ක්‍රියාවලිය පූර්ණ වශයෙන් සිදුකරන බවයි. එවිට කසළවලින් 50% ක් හෝ වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමට සහ කොම්පෝස්ට් බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වනවිටත් එම අංගණයේ කොම්පොස්ට් විකිණීම සුළු වශයෙන් ආරම්භ කර තිබේ. 

2008

එසේම කසළ යොදා විදුලිය නිපදවීමේ ක්‍රියාවලියේ මූලික කටයුතුද ආරම්භ කිරීමට නියමිත බව කියවෙයි. බලධාරීන් පවසන්නේ ඒ සඳහා මේ භූමියෙන් අක්කර 12 ක ප්‍රමාණය අදාළ ආයතනය වෙත ලබා දී ඇති අතර, එළඹෙන වසර 02 තුළ එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි. ඒ අනුව යම් සාධනීය තත්ත්වයක් තිබේ. 

2011

2012

එහෙත් ප්‍රශ්නය වන්නේ දිවයිනේ වෙනත් ප්‍රදේශවල මෙන්ම කරදියානද ඝන පසක් නොමැති, තෙත් බිමක් හා ජල මූලාශ්‍රයකට ආසන්න ප්‍ර‘දේශයක් වීමයි. මේ නිසා අධික ලෙස කුණු දැමීම තවත් නාය යාමකට අත වැනීමක් වන බව පැහැදිලිය. මීට පෙර කොළඹ නගර සභාව කරදියානට කුණු දැමීමට උත්සාහ කිරීමේදී එයට විරෝධය එල්ල විය. එය අධිකරණ ක්‍රියාමාර්ගයක් දක්වා ගමන් කෙරිණි. දැනට දිනකට කසළ මෙට්‍රික් ටොන් 550 ක ප්‍රමාණයක් කරදියානට එක්වෙයි. මෙය දරාගත හැකි මට්ටමයි. කොළඹ කුණු කරදියානට යොමු කිරීම සඳහා දින කිහිපයකට අවසර ලැබී තිබුණද, එය අධිකරණ නියෝගය පරිදිම කෙටිකාලීනව අර්බුදයෙන් ගොඩඒම සඳහා පමණක් යොදාගැනීම සහ නියමිත ටොන් 350 ක් පමණක් බැහැර කිරීම බලධරයන්ගේ වගකීමකි.

2013

කරදියාන වෙත සාමාන්‍ය‘යෙන් ලැබෙන කසළ වර්ගීකරණය කර පැමිණෙන නිසා එය කොම්පෝස්ට් සහ ප්‍රතිචක්‍රිකරණ ක්‍රියාවලීන් වෙත යොමු කිරීම පහසුය. නමුත් අලුතින් කොළඹ නගර සභාවෙන් බැහැර කෙරෙන කසළ වර්ගීකරණය නොකර පැමිණීම හේතුවෙන්, එකී අධික කසළ ප්‍රමාණය ගොඩගසනවා විනා අන් විකල්පයක් නැත. අධිකරණ නියෝගය අනුව ලැබී ඇති දින කිහිපය ඇතුළත මීට නිසි විසඳුමක් ලබාදීමට නොහැකි වුවහොත් කරදියානේද කුණු අර්බුදයක් ඇති වීම නොවැළැක්විය හැකි වනු ඇත. එවිට කරදියානද මීතොටමුල්ලක් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත. 

2014

මේ නිසා කරදියානටද ඉක්මන් විසඳුමක් ලබාදිය යුතුව තිබේ. මන්දයත් කුණු බැහැර කරන භූමියක් භාවිතයට ගත හැකි යම් කාලසීමාවක් ඇති හෙයිනි. කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සඳහන් කරන අන්දමට කරදියාන භූමියටද කසළ බැහැර කළ හැක්කේ තවත් වසර පහක කාලයක් පමණි. එහෙයින් එම වසර පහ පිරෙනතුරු බලධාරීන් බලා සිටීම කිසිවෙකුට සුබදායක නොවනු ඇත.
අනෙක් අතින් කොළඹ දිස්ත්‍රික්කයෙන් භාගයක කසළ ගෙන ඒමට කරදියානට යන කසළ ලොරි සහ ට්‍රැක්ටර්වල ප්‍රමිතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය වෙයි. ප්‍රමිතියකින් තොර කසළ ප්‍රවාහනය කරන වාහන වැඩි වුවහොත් පිළියන්දල, බොරලැස්ගමුව සහ රත්මලාන යන අතිශය ජනාකීර්ණ සහ ජීවත්වීමට සුදුසු ප්‍රදේශ ලෙස සැලකෙන ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි අපහසුතාවට පත්වනු ඇත.

2015

එය කොළොන්නාව, වැල්ලම්පිටිය සහ මීතොටමුල්ල ජනතාව මුහුණදුන්නාට වඩා දැඩි අපහසුවක් වනු ඇත්තේ ප්‍රවාහනය කරන කුණු ප්‍රමාණය වැඩි වීම නිසාය. මේ වනවිටත් කසළ ප්‍රවාහනය කරන වාහන වලින් ප්‍රදේශවාසීන්ට නිරන්තර බාධා ඇති වෙමින් තිබේ. එහෙයින් කොළඹ කුණුවලින් මෙට්‍රික් ටොන් 350 ක් බැහැර කරන්නට අවසර ඇත්නම්, එය නිවැරදිව 350 ක් මිස 550 ක් නොවන ලෙසට කටයුතු කිරීමට බලධරයන් කටයුතු කළ යුතුය. එසේ කියන්නේ පසුගිය වසරේදී කරදියාන කුණු කන්දට එරෙහිව සටන් කළ සංගමයේ ප්‍රධානීන් මේ වනවිට අක්‍රියව සිටින බැවිනි.

2016

දැනටමත් කසළ අංගණය අසල දූවවත්ත, කරදියාන වැනි ප්‍රදේශවල ජනතාව කසළ අංගණය නිසා දැඩිව පීඩාවට පත්වෙති. එම ප්‍ර  දේශවල ළිං ජලය භාවිත කළ නොහැකි අතර සතුන් විසින් කසළ ගෙනැවිත් දැමීම දැඩිව පවතී. කාලයෙන් කාලයට සමේ රෝග පැතිර යයි. ඩෙංගු රෝගයද පැතිර යාම බහුලය. මෙවැනි තත්ත්වයක් තුළ කරදියාන වැසියන්ගේ එකම ඉල්ලීම මෛ කසළ අංගනය ඉවත් කිරීමයි. හේතුව වන්නේ මේ වැසියන්ගේ භූමියට කසළ ගෙනැවිත් දැමීමක් වූවා මිස ගම්වැසියන් කසළ අංගනය අසලට පදිංචියට යෑමක් සිදු නොවීමයි. එවැනි වටපිටාවක  කසළ අංගණය පුළුල් වීම යනු කරදියාන වැසියන්ටද මීතොටමුල්ලේ වැසියන්ට වූ ඉරණම අත්වීමට හේතුවකි. එහෙයින් මේ ප්‍රදේශයේ ජනතාවට කොකා පෙන්වන්නේ නැතිව කටයුතු කිරීම බස්නාහිර පළාත් සභාවේ වගකීම වෙයි. 

2017



Recommended Articles