ඌව කුඩා ඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩායම් පුහුණුව ලැබූ කාන්තා නිලධාරිනියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු පසුගියදා විසිර ගියහ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජානක වල්ගම මහතා සහභාගි විය.
විසිර යාමේ පෙළපාළියේදී කාන්තා නිලධාරිනියන් සහ කාන්තා සෙබළියන් විසින් රැස්ව සිටි විශාල පිරිස ඉදිරියේ නිදර්ශක අභ්‍යාස, වෙඩි තැබීම්, මෝටර් සයිකල් ධාවන, ප්‍රභූ ආරක්ෂාව හා නිරායුධ සටන් ඉදිරිපත් කරන ලදී.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් රැල්ප් නුගේරා මහතා කෙටි දේශනයක් පවත්වමින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් වල්ගම මහතා විසිර යන්නන්ට සුබ පැතුම් එක්කළේය.
විසිරගිය කාන්තා නිලධාරිනියන් සහ සෙබළියන් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී මාස 05ක පමණ සාර්ථක පුහුණුවක් නිමකර තිබේ.