කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව (48) විසින් අද (21දා) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවති විසිරයෑමේ පෙළපාලියේ පිරික්සුම් පහන් සංදර්ශණයේ දී යුද සුනඛයෙකු වන ටීෂා සමඟින් අඩි 4000 පමණ උඩු ගුවනේ සිට ආරක්ෂිතව පොළවට පැමිණෙමින් ශ්‍රී ලංකා පැරෂුට් කේෂ්ත්‍රයේ ඉතිහාසගත නව වාර්තාවක් පිහිටුවන ලදි.
මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව 1995 දී පැරෂුට් පුහුණුව ආරම්භ කිරීමෙන් පසු මෙතෙක් වසර 20 ක පමණ කාලය තුල දී ජාත්‍යන්තර අවස්ථා , රාජ්‍ය උත්සව මෙන්ම තවත් උත්සව රැසකට සහභාගි වී ඇත.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ඩබ්.එච්. ගමගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මේජර් සිරන්ජීව හට නව වාර්තාවක් තැබීම සඳහා උනන්දු කරනු ලැබූ අතර,සුනඛයෙකු සමඟින් උඩුගුවනේ සිට පැරෂුටයක් මඟින් පනින ලද ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
සිරන්ජීව 2008 වර්ෂයේ හයිද්‍රාබාද් හි පැවති ඉන්දීය ලෝක හමුදා පැරෂුට් ශුරතාව සහ 2009 වර්ෂයේ බිජිං හි පැවති චීන කොරියානු සහයෝගීතා තරඟාවලිය වැනි ජාත්‍යන්තර හා ජාතික තරඟ ඉසව් ගණනාවකට සහභාගි වී ඇත.