කටුනායක ප්‍රහාරයට අවුරුදු පහයි


කටුනායකදී වැඩකරන ජනතාවට ප්‍රහාරයක් එල්ල කර එක් සේවකයෙකු මරණයට පත්කර තවත් පිරිසක් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවට හෙටට (30දා) වසර පහක් ගතවන බව නිදහස් වෙළෙඳ කලාප සමහ පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

එහෙත් අදාළ කමිටුවේ වාර්තා මෙතෙක් එළිදක්වා නොමැති බවත්, මේ නිසා අසාධාරණයට පත්වූ කිසිවෙකුටත් මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවත්, වැරදිකරුවන්ට කිසිදු දඬුවමක් ලැබී නොමැති බවත් එම සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය.

මේ නිසා කමිටු වාර්තාව එළිදක්වා අසාධාරණයට පත් පිරිසට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසට හා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙට (30දා) උදේ කටුනායක ඇවරිවත්ත මංසන්ධියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවද ඔහු පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුව විසින් අර්ථසාධක අරමුදල් කොල්ල කා ගැනීමට ගත් උත්සාහයට එරෙහිව 2011 වසරේ මැයි 30 වැනි දින මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූ බවද සම ලේකම්වරයා සඳහන් කළේය.

 

 



Recommended Articles