ඓතිහාසික පාහිංයගල ලෙන අවධානමක


ආසියාවේ ඉපැරණිම ජනාවාසය ලෙස සැලකෙන ඓතිහාසික පාහියන්ගල ලෙන ස්ථාන කිහිපයකින්  පුපුරා ඇතැයි පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

පසුගිය දිනවල කළුතර දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මීට දින කිහිපයකට පෙර මෙම ඉරි තැලීම් දක්නට ලැබුණු බවත්, මේ පිළිබඳ පුරාවිද්‍යා ප්‍රධානීන් දැනුම්වත් කළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

වසර 58,000කට වඩා පැරණියැයි සැලකෙන නූතන මානව අස්ථි කොටස් හමුවී ඇති මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් සහිත ස්ථානයක් සේම ආසියාවේ විශාලතම ලෙන් විහාරය ලෙසද සැලකෙයි.

මෙම පුදබිමට හානියක් වී එය විනාශ වී ගියහොත් මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම සාක්‍ෂි රැසක් විනාශ වී යාමට ඉඩ ඇති බවත්,එසේම බුලත්සිංහලපාහියන්ගල අවට විශාල ප්‍රදේශයකට අහිතකර තත්ත්වයක් ඇති විය හැකි බවත් විහාරවාසී  පාහියන්ගල  ආනන්ද සාගර හිමියෝ පවසති.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් 21 දෙනෙකු මරණයට පත් වූ අතර, අවදානම් සහිත පවුල් 21කට එම ස්ථානවලින් ඉවත්වීමට උපදෙස් ලබා දී තිබේ.මීට අමතරව පාහියන්ගල ලෙන් විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේ 30 නමක් එම ස්ථානයෙන් පිටතට වඩම්මවා සිටිති.

බන්දු තඹවිට

3 copy 5 copy 6 copy 7 copy 9 copy 10 copy



Recommended Articles