අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අද (11දා) කලු පටි බැඳගෙන පාර්ලිමේන්තුවට පැමිණියෝය.
අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවිම මේ වන විට පාර්ලිමේන්තුවේදී සිදුවෙයි. මෙම පනතට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රීපා සිරිසේන මහතාටද ලිපියකින් කරුණු දැක්වීය.