ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අයවැයට විරුද්ධව මරදාන දුම්රිපොළ ඉදිරිපිටදී අද (16දා) සවස අත්පත්‍රිකා බෙදීමේ නිරත වූහ.
අයවැය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණ බව එම මන්ත්‍රීවරු සඳහන් කළහ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, රංජිත්ද සොයිසා, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු