ඒකත් මේ වගේද


මාතර සුරාබදු කාර්යාලය ඊයේ (04දා) විවෘත කළ ජනාධිපතිතුමා එහි සිර මැදිරියත් විවෘත කළා. තමන් අසල සිටි දේශපාලඥයන් කිහිප දෙනෙකු සිනහමුසුව සිර කුටියට දමා දොර වසා දමා ඒ සිනහවෙන්ම ඔවුන් එළියට පැමිණෙන අයුරු එතුමා බලා සිටියා. පසුගිය කාලයේ ජනතා වේදිකාවේදී ජනාධිපතිතුමා කිව්වේ දූෂිත දේශපාලඥයන් සිරගෙට යවනවා කියායි. දැන් සමහරු එහෙම හිරගෙට ගිහින් ආයෙ එළියට එනවා. මේ යන විදියට ඒ හිරේ දැමිල්ලත් මේ හිරේ දැමිල්ල වගේද දන්ෙන නෑ කියලා ජනතාවට හිතෙයිද මන්දා. නෑ අපි කියන්නෙ එහෙම හිතෙයිද මන්දා.

 



Recommended Articles