පින්වල එළිමහන් සත්වෝද්‍යානය අද ( 17) උදෑසන සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක සහ, උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා, මහත්වරුනගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. සත්වෝද්‍යානය විවෘත කිරිමෙන් පසු විශාල නරඹන්නන් පිරිසක් සත්වෝද්‍යානය නැරඹිම සඳහා පැමිණෙනමින් සිටති.
පින්නවල අලිඅනාථාගාරයට යාබදව ඉදිකර ඇති නව සත්වෝද්‍යානයද අනිකුත් සත්වෝද්‍යානය දැනට ලංකාවේ ඇති දෙවැනි හා විශාලතම සත්වෝද්‍යානය වේ.
පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර තිබේ.
මෙහි ‘‘ දිවි අරණ ’’ ‘‘වලස් අරණ’’ ‘‘ ‘‘මුව අරණ’’ ‘‘කිඹුල් අරණ’’ යන අයුරින් සතුන් සමූහ රැසක් බලා ගැනිමට හැකි වනවා. ශ්‍රී ලංකා දිවියා හා මුව වර්ග හතරක් ප්‍රදර්ශනයට කටයුතු මෙ වන විට යොදා අවසන් තිත් මුවා, ඕලූ මුවා, ගෝනා මීමින්නගේ ජිවන රටා මෙහිදි දැක බලා ගැනිමට හැකියාව ලැබෙනු ඇත.
පින්වල සත්වෝද්‍යානය නරඹා අවසානයේ පින්නවල අලිඅනාථාගාරය නැරඹිමටද මෙහි පැමිණෙන සංචාරකයන් හට ලැබෙන එක් වාසියකි. අලි බැලිම පමණත් නොවේ ඔවුන් මා ඔයෙහි උදෑසන හා සවස් කාලයේ දිය කෙළියේ යෙදෙන අන්දම පවා නිරික්ෂණය කර ගැනිමට මෙම සංචාරක කලාපයට ඇතුලූ වන බොහෝ දෙනාට ලැබෙන වාසියකි.