එල්ටීටීඊ රැඳවියන් 32 ක් නිදහස්?


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ රැඳවියන් 32 දෙනෙකු පළමු අදියර යටතේ නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය ඒකාබද්ධ නිවේදනය කරයි. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් මුළුල්ලේ රඳවාගෙන සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ට එරෙහිව සිදුකෙරෙන අධිකරණ ක්‍රියාදාමය කඩිනම් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර රැඳවියන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබාදුනි.

මෙම සිරකරුවන් නිදහස් කිරීම මේ මස 09 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, මෙහි දෙවැනි අදියර යටතේ තවත් සිරකරුවන් 30 දෙනෙකු මේ මස 20 වැනිදා නිදහස් කිරීමට නියමිතය. ඉතිරි සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව අමාත්‍යාංශය කමිටුවක් පත්කිරීමට නියමිත බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයෙන් සඳහන් වෙයි. 

 



Recommended Articles