එප්පාවල වැව් බැම්ම කැඩෙයි


පවතින අධික වර්ෂාවත් සමගින් එප්පාවල වැව කැඩී යාම හේතුවෙන් එප්පාවල - කැකිරාව ප්‍රධාන මාර්ගය, එප්පාවල නගරය ආසන්නයෙන් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගමනා ගමන කටයුතු වලට බාධා සිදුව තිබේ.

ඊයේ  (02දා) පස්වරු 4.00 පමණ සිට අද (03දා) අළුයම දක්වාම නොකඩවා ඇද හැලුණු  වර්ෂාව සමගින් එප්පාවල නගරයේ පිහිටි එප්පාවල වැව පිටාර මට්ටමටද  ඉක්මවා ජලය පිරී යාමත් සමගින්, වැව් බැම්මේ එක් ස්ථානයක් පුපුරා ගොස් අද (03) අලුයම 2.30 ට පමණ වැව් බැම්ම කැඩී ඇත. 
 
වැව් බැම්ම කැඩී යාමත් සමගින් නිකුත් වන අධික ජල ප්‍රමාණය එප්පාවල නගරය හා, කඩිගාව, මැඩියාව, කටියාව ආදී ගම්මාන රැසක් හරහා ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශවල වෙළදසැල්, නිවාස හා කුඹුරු විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යටවිය.
 
 
 
 
 
 


Recommended Articles