එක්සත් ජාතික පක්ෂයට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා හඳුන්වාදුන් අන්තර්ජාල යෙදුම (APP) හරහා සාමාජිකත්වය ලබාගැනීම අද (23දා) ආරම්භ විය. එක්සත් ජාතික පක්ෂයේ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී ඊට අදාළ නිල උත්සවය පැවැත්විණ.
මේ වසර තුළදී නව සාමාජිකයින් ලක්ෂ 30 ක් බඳවාගැනීමට සැලසුම් කර තිබෙන අතර, නව බඳවාගැනීම යටතේ පක්ෂයක සාමාජිකත්වය ලබාදීම සඳහා අන්තර්ජාල යෙදුමක් හඳුන්වාදෙන පළමු අවස්ථාවද මෙය වේ.
ස්මාර්ට් දුරකථනයක් මගින් හෝ අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් මගින් අදාළ අන්තර්ජාල යෙදුම ලබාගැනීමට අද උදෑසන 9.00 න් පසු මෙරට ජනතාවට අවස්ථාව උදාවිය.
ඡායාරූප ප්රදීප් පතිරණ