එජාප මන්ත්‍රී ගින තබාගැනීමට යයි


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩුවේල් සුරේෂ් පෙට්‍රල් බෝතලයක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට දැරූ උත්සාහක් පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංහ නිලධාරින් විසින් අද (19 දා) වළකනු ලැබීය.

වතු කමකරුවන්ගේ දිනක වැටුප වැඩි නොකිරීමට විරෝධය ප්‍රකාශ කරමින් සිය සිරුරට ගිනි තබා ගැනීම සඳහා ඔහු මෙම පෙට්‍රල් බෝතලය රැගෙන සභාවට පැමිණියේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශිර්ෂවිවාදයට එක්වෙමින් ඔහු ඊයේ සඳහන් කළේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකරන්නේ නම් තමා ගිනි තබා ගන්නා බවයි.

කෙසේ නමුත් අද සවස පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා කීවේ පෞද්ගලික අංශයට රුපියල් 2500ක වැටුප් වැඩි කිරිමට ගත් තිරණය වතු කම්කරුවන්ටද අයත් බවයි.



Recommended Articles