එංගලන්ත ප්‍රහාරයට සම්බන්ධ 7ක් අත්අඩංගුවට


(UPDATE)

2.45 PM

එංගලන්තයේ ඊයේ සිදු වූ ප්‍රහාරයට අදාළව එංගලන්ත පොලීසිය කරනු ලැබූ විමර්ශන වලට අදාළව සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව හතරක් බවට පොලීසිය තහවුරු කර තිබේ. කාන්තාවක, පිරිමි පුද්ගලයෙකු, පොලිස් නිලධාරියෙකු හා ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මෙසේ මරණයට පත්ව ඇති පුද්ගලයෝ වෙති. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන  7 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.


8.45 AM

එංගල්න්තයේ ලන්ඩන් නුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට පදික වේදිකාවේ මෝටර් රථයක් පදවාගෙන යෑමෙන් මිය ගිය සංඛ්‍යාව පහ දක්වාත්, තුවාල ලැබූ සංඛ්‍යාව 40 දක්වාත් ඉහළ ගොස් තිබේ. ඊයේ (22දා) එංගලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙම සිදුවීම සිදු වූ අතර පසුව සැකකරු විසින් පොලිස් නිලධාරියෙකු තියුණු ආයුධයකින් පහරදී ජීවිතක්ෂයටද පත්කරනු ලැබීය. කෙසේ වෙතත් එංගලන්ත පොලීසියේ වෙඩි පහරින් සැකකරු ජීවිතක්ෂයට පත්විණ. 

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මිය ගොස් ඇති පොලිස් නිලධාරියා 48 හැවැරිදි කෙයිත් පල්මර් ලෙසින් හඳුනාගෙන ඇත. එංගලන්ත අගමැතිනී තේරේසා මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර සැකකරු ඉස්ලාමිය අන්තවාදී සංවිධානයකට අයත් පුද්ගලයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී තිබේ.

_95271210_ambulance_from_above_bbc _95271212_police_getty _95271611_armed_police_epa _95272134_injured_man_getty _95272273_inside_west_pa _95272432_ground_pa _95273871_armed_inside_alison_baskerv _95274315_crews_bridge_getty _95274396_policeman_epa _95274784_passers_by_getty _95274914_woman_west_reuters _95275107_man_stretcher_non_blur_ap _95275505_boat_afp _95276144_tobias_ellwood_pa _95276277_helicopter_green_pa _95277236_9ca22fa1-1a50-4044-898b-abf74f35f668 _95277663_mediaitem95277662

 

 

 

 



Recommended Articles