මැතිවරණ නීතිය ආරක්ෂාවෙන ආකාරය දෙස බලාදැන් පැවැත්වෙන්නේ එංගලන්තයේ මැතිවරණයක්දැයි ජනතාව විමසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28දා) පැවසීය.
පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සහ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමෙන් පසු අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ නිති අකුරටම ක්‍රියාත්මක වෙන බැවින් ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ පරිසරයක් සකස් වී තිබෙන බවත්, මේ මැතිවරණය ඇඟට දැනෙන්නේ නැතැයි ජනතාව ප්‍රකාශ කරන බවත් ඔහු කීය.
මෙහිදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවබෝධතා ගිවිනුමට අත්සන් කළ අතර, පාඨලී රනවක, රාජිත සේනාරත්න, කරු ජයසූරිය යන ඇමතිවරුන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු