උමාඔයට විරෝධය දක්වමින් බණ්ඩාරවෙල හර්තාල්


උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇතැයි වාර්තා වේ.

මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වාගැනීම, උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය දිනාගැනීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව එහි සංවිධායකවරු පවසති.

මීට අමතරව එම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථද ධාවනය නොවන අතර, එමනිසා නගරයේ ගමනාගමනයද ඇනහිට ඇත.

මේ හේතුවෙන් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, විශාඛා, ශාන්ත ජෝශප්, කුඩා කුසුම්, සීවලී හා ධර්මපාල යන විද්‍යාලවල සිසුන් පැමිණීම ඉතා පහත මට්ටමක පවතින බවද වාර්තාවේ. 

DSC_8607 DSC_8608 DSC_8609 DSC_8610  DSC_8625



Recommended Articles