උඩරට මැණිකේ අනතුර වැළකූ දුම්රිය සේවකයා


කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය සිංගිමලේ බිංගය තුළදී  පිළිපැන සිදුවීමට ගිය විශාල අනතුරක් එම මාර්ගයේ  මුර සංචාරයේ යෙදී සිටි දුම්රිය සේවකයෙකුගේ දක්ෂතාව හා කාර්යක්‍ෂමතාව හේතුවෙන් වළක්වා ගැනීමට හැකිව ඇතැයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසීය.

හැටන් දුම්රිය ස්ථානයෙන් අද (04දා) පස්වරු 1.45ට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය සිංගිමලේ දුම්රිය උමං මාර්ගයට ළඟා වනවාත් සමගම කොටගල දුම්රිය ස්ථානයේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය පරීක්‍ෂා කරමින් මුර සංචාරයේ යෙදුණු කේ.එම්. බණ්ඩාර මහතා සිංගිමලේ බිංගය තුළ දුම්රිය මාර්ගයේ පීල්ලක් පුපුරා ඇති අයුරු දැක වහා ක්‍රියාත්මක වී ඉදිරියට පැමිණෙමින් තිබූ දුම්රිය නවත්වා ගැනීමට කටයුතු කර ඇත.

දුම්රිය නතර වූ පසු හෙතෙම එය දුම්රිය රියදුරුට දැනුම්දී පසුව හැටන් දුම්රිය ස්ථානයට දැනුම්දී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ හැටන් දුම්රිය ස්ථානයේ නඩත්තු සේවකයන් සිංගිමලේ බිංගිය තුළ පුපුරා ගොස් තිබූ දුම්රිය පීල්ල අලුත්වැඩියා කර දුම්රිය ගමනාගමනය යථාතත්ත්වයට පත්කර තිබේ.

මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් ප්‍රමාද වී තිබිණි.

දුම්රිය සිංගිමලේ බිංගෙය තුළදී පිලි පැනීමට ලක්වූයේ නම්, එය පීලිගත කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් මතුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ නිලධාරීහු පැවසූහ.

01 copy 003 copy 03 copy 04 copy 05 copy 09 copy 12 copy



Recommended Articles