(UPDATE/VIDEO) ගුවන් යානාවේ සිට මගීන් සිවු දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ සියල්ල හැරෙන්නට සෙසු සියල්ලන්ම නිදහස් කර ඇති බව සයිප්‍රස් මාධ්‍ය වාර්තා කරයි.
පැහැර ගනු ල ැබූ ඊජීප්තු ගුවන් යානාවේ සිටි ළමුන් හා කාන්තාවන් ප්‍රථමයෙන්ම නිදහස් කිරීමට කොල්ලකරුවන් කටයුතු කරනු ලැබීය.
ගුවන් යානයේ එංගලන්ත ජාතිකයන් අට දෙනෙකු හා ඇමෙරිකානු ජාතිකයන් 10 දෙනෙකු ගමන් කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සයිප්‍රස් හා ඊජීප්තු ජනපතිවරුන් දුරකතනයෙන් සාකච්ඡා කොට ඇත.
ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා සිට කයිරෝ බලා ගමන් කරමින් තිබූ ඊජීප්තු ගුවන් යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයට පැමිණි ආයුධ සන්න්ධ පුද්ගලයන් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබෙයි. කොල්ලකරුවන්ගේ ඉල්ලීම මත ගුවන් යානය සයිප්‍රස්හි ලාර්නකා ගුවන් තොටුපොළට ගොඩ බා තිබේ.
යානාවේ මගීන් 55ක් ගමන් කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.