ඉෂාන් දසනායක - අරවින්ද ප්‍රේමදාස විශිෂ්ටයෝ වෙති


සටහන - සංජීව ධර්මසේන / ඡායාරූප - චානුක කුලසේකර

දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක, දක්‍ෂතම රියදුරා ලෙස අරවින්ද ප්‍රේමදාස සම්මාන දිනාගනිමින් 'ගනර්‘ සුපර්ක්‍රොස් - 2015' මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය පෙරේදා (05දා) මින්නේරිය කාලතුවක්තු රෙජිමේන්තු පරිශ්‍රයේදී නිමාවට පත්විය.ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සම්මේලනය එක්ව දසවැනි වරට මෙවර තරගාවලිය සංවිධානය කරනු ලැබීය.

පසුගිය වසරේද දක්‍ෂතම රියදුරා ලෙස සම්මාන දිනූ අරවින්ද, මෙවර තරග ඉසව් දෙකකට සහභාගී වී එම ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ඉෂාන් දසනායක ඉසව් තුනකට සහභාගී වී ඉන් පළමු ස්ථාන දෙකක් හා දෙවැනි ස්ථානයක් දිනාගැනීමට සමත්විය. කෙසේ නමුත් පසුගිය වසරේ දක්‍ෂතම යතුරු පැදි ධාවකයා ලෙස සම්මාන දිනූ ෂෙහාන් සී අධිකාරි මෙවර තරග ඉසව් දෙකකට සහභාගි වුවද, ඔහුට දිනාගැනීමට හැකිවූයේ එක් ඉසව්වක ප්‍රථම ස්ථානයක් පමණි.

ඉශාන් දසනායක (වමේ) හා අරවින්ද ප්‍රේමදාස (දකුණේ)

 

 

ඉශාන් දසනායක

ශෙහාන් සී අධිකාරි

ඔවුන්ට අමතරව ඉන්දියානු ධාවක කේ.පී. අරවින්දට කැපීපෙනෙන දක්‍ෂතාවක් දැක්වීමට නොහැකිවූ අතර, තරග ඉසව් දෙකකට සහභාගී වූ ඔහුගේ දක්‍ෂතා දෙවැනි ස්ථානයකට හා සිවුවැනි ස්ථානයකට සීමාවිය. මේ වනවිට ශ්‍රී ලාංකේය ධාවන පථය ආක්‍රමණය කරමින් සිටින අරවින්ද් පසුගිය අප්‍රේල් මාසයේ නුවරඑළියේ පැවැති ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේද දක්‍ෂතම ධාවකයා ලෙස සම්මාන දිනාගත්තේය. මෙවර තරගාවලියට තරග ඉසව් 22 ක් අන්තරගත විය.

අශාන් අනතුරට ලක්වූ අවස්ථාව

යුද්ධයේදී දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ දැනට සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම හා හමුදා පරිශ්‍රය තුළ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට අරමුදල් රැස්කිරීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධාන අරමුණු වේ. මෙහි මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස විජය පුවත්පත් සමාගම කටයුතු කළේය.

සමස්ත තරග ප්‍රතිඵල

1.G -J MX 65cc – 85cc (2T) Under 16

1.කවිඳු කෙවිටියගල, 2. ආර්.බාබුජි, 3. භානුක රත්නායක

2. G -M STD/MOD Street Trainl 100cc – 125cc (2T)

1. නිහාල් විජේරත්න, 2. මධුර පීරිස්, 3. නිශාන්ත වික්‍රමගේ

3. G-J MX Motor Cycle 50cc Under 10

1. නිම්න අභිෂේක්, 2. ගගන ප්‍රනාන්දු, 3. තෙමිත් ජයවර්ධන

4. G-SL-N Standard Cars (Ford LASER/Mazda 1300cc)

1. කුෂාන් පීරිස්, 2. උපුල්වන් සේරසිංහ, 3. යූ.සී. පෙරේරා

5. G-MX Racing Motor-cross Bikes 100cc 125cc (2T)  

1. බුද්ධික සිල්වා, 2. මිතුන් සිගේරා, 3. නිහාල් විජේරත්න

6. G-SL-A Modified Cars 1050cc

1. අජිත් කීර්ති, 2. ඩබ්.ඒ.ජී. රංගන, 3. මයිකල් විජේසූරිය

7. G-M-STD/MOD Motor Cycles 175cc – 250cc (4T) & 100cc – 125cc (2T)

1. ඉවෝන් ගුරුසිංහ, 2. ළහිරු ජීවන්ත, 3. ඩී.එම්.එස්. සඳරුවන්

8. G -SL/H 1600cc

1. දමිත් වීරසිංහ, 2. උපුල්වන් සේරසිංහ, 3. සංජීව ද මෙල්

9. G -Mx-Racing Motor Cross Bikes 100cc-125cc (2T)

1. ඉෂාන් දසනායක, 2. බුද්ධික සිල්වා, 3. නිහාල් විජේරත්න

10.  G - SL-H Subaru Legacy 2200cc (One Make)

1. ටිරෝන් හෙන්දවිතාරණ, 2. මාලික කුරුවිටආරච්චි, 3. චවින්ද ධර්මවර්ධන

11. SL-GT-Cars 3500cc

1. අරවින්ද ප්‍රේමදාස, 2. ඩිලාන් සෙනෙවිරත්න, 3. ජනක ඩයස්

12. G - J-MX Motorcycles (Junior) 65cc – 85cc (2T) Under 13

1. කේසර ගොඩගේ, 2. බුද්ධික ශ්‍රී සඳකැළුම්, 3. ඩී.එම්.ඩී. කල්හාර

13. G - MX 175cc-250cc (4T) & 100cc- 125cc (2T) MX

1. ෂෙහාන් සී අධිකාරි, 2. ඉෂාන් දසනායක, 3. ජාක්ස් ගුණවර්ධන

14. G - SL-S Cars Specials 1500cc

1. මිස්සක නවීන්, 2. කුෂාන් පීරිස්, 3. මයිකල් විජේසූරිය

15. G - SM Super Motor 250cc-750cc (4T) & 125cc-500cc

1. ඉමල් මංචනායක, 2. සචිර රාජකරුණා, 3. ආනන්ද වෙඩිසිංහ

16. G - M-STD/MOD Motor Cycles 175cc-250cc (4T) & 100cc-125cc (2T)

1. ළහිරු ජීවන්ත, 2. ඉවෝන් ගුරුසිංහ, 3. සම්පත් කුමාර

17. G - SL-M Ford Laser / Mazda 1500cc

1. කුෂාන් පීරිස්, 2. උපුල්වන් සේරසිංහ, 3. චමින්ද වීරසූරිය

18. G - SM – Super Motard 250cc-750cc (4T) & 125cc – 500cc (2T)

1. ඉමල් මංචනායක, 2.ආනන්ද වෙඩිසිංහ, 3. ආනන්ද වීරසිංහ

19. G - SL-H Cars 1600cc

1. දමිත් වීරසිංහ, 2. උපුල්වන් සේරසිංහ, 3. ලක්මාල් විජේරත්න

20. G – T&J Petrol  ‘Open’

1. සංජය සෙනරත්, 2. රවී මායාදුන්නේ, 3. ඉන්ඳු සමරකෝන්

21. SL-GT Cars 3500cc

1. අරවින්ද ප්‍රේමදාස, 2. ජනක ඩයස්, 3. පසිඳු පීරිස්

22. MX 175cc-250cc  (4T) & 100cc-125cc (2T)

1. ඉෂාන් දසනායක, 2.කේ.පී. අරවින්, 3. ජාක්ස් ගුණවර්ධන

 

 



Recommended Articles