ඉන්දීය ධීවරයින් 29ක් නිදහස්


මුහුදු සීමා උල්ලංඝනය කරමින් මුලතිව් මුහුදු තීරයට ඇතුළුවී මසුන් ඇල්ලීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටි ඉන්දීය ධීවරයන් 29 දෙනා මුදා හරින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් ටී සරවන රාජා මහතා අද (19දා) නියම කළේය.

මෙසේ මුදා හළ ධීවරයෝ නාවික හමුදා යාත්‍රා මාර්ගයෙන් ඉන්දීය මුහුදු සීමාවට රැගෙන ගොස් එරට වෙරළාරක්ෂක හමුදාවට භාරදෙන ලෙස නාවික හමුදාවට නියෝග කළේය. මෙම ධීවරයන් වෙනුවෙන් ත්‍රීකුණාමල වරාය පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ ධීවරයන් මුදා හැරීමට නීතිපති උපදෙස් දී තිබුණි.

ත්‍රිකුණාමලය - චමෝද්‍යා අමරජීව

 



Recommended Articles