‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නමැති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමුවීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී තිබේ.
මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්තාවන අතර මර්දනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරීහු පවසති.
ජාතික මැලේරියා මර්දන ඒකකය සඳහන් කර සිටියේ, නව මැලේරියා වාහක මදුරුවා තලෙයි මන්නාරම ප්‍රදේශයේ පේසාලේ ළිඳක තිබී පළමුව සොයාගෙන ඇති අතර, පසුව වවුනියාවේ බස්නැවතුම්පළ ආසන්නයේ සහ ළිඳක තිබී හමුවූ බවය.
කෙසේ වෙතත් මේ දිනවල අදාළ මදුරු කීටයින් සොයා වවුනියාව නගර ආශ්‍රිතව විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙන බවද එමනිසා ජනතාව අනියත බියක් විය යුතු නොවන බවද ජාතික මැලේරියා මර්දන ඒකකය පවසයි.
මේ පිළිබඳව මහජන සෞඛ්‍ය නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගෙන් විමසීමේදී කියා සිටියේ,
“මේ වනතුරු වවුනියාවෙන් එවැනි මදුරු විශේෂයක් හමු වුනත් එවැනි රෝගීන් කිසිවෙක් වාර්තාවෙලා නැහැ. එවැනි රෝගයක් පැතිරීමේ බියකුත් නැහැ. අපිට නමුත් අපි මේ මදුරුවා පැතිරීම වළක්වා ගැනීමට තමයි මේ දවස්වල කටයුතු කරන්නේ.
මේ මදුරු වාහකයා නගර ආශ්‍රිතව සිටින මදුරුවෙක් ඒ නිසා අපි පිටරටින් එන මැලේරියා රෝගීනුත් බොහෝ ප්‍රමාණයක් හඳුනා ගන්නවා සෑම වසරකම. නමුත් පිටරටින් එන රෝගීන් අතර මේ මදුරු විශේෂයේ රෝගීනුත් ඉන්නවනම් මෙය පැතිරෙන්නටත් පුළුවන්“ යනුවෙනි.