ඇවන්ට්ගාඩ් මේරිටයිම් පෞද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට විදේශගතවීමට අවසර ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා ප්රතික්ෂේප කළේය.
ගාල්ලේ පාවෙන අවි ගබඩා සිද්ධියට අදාළව පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන් මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීම වළකාලමින් නියෝගයක් නිකුත් කොට ඇත.
එම නියෝගය ඉවත දමා ඔහුට විදේශ ගතවීමට අවසර ලබාදෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලීසියේ පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඊට විරුද්ධව කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.