ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ විශාල මෙහෙයුමකට සූදානම්


ඇමෙරිකානු නාවික හමුදාවේ පැසිෆික් ෆීට් බළකායට අයත් නාවික හමුදා කණ්ඩායහමක් හා යූ.එස්.එන්.එස්. ෆොල් රිවර් නෞකාව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබේ. ඔවුන් අද සිට එළැඹෙන 14 දා දක්වා හම්බන්තොට ප්‍ර දේශයේ සිටිමින් විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට නියමිතය.

දෙරටේ නාවික හමුදාවන් අතර හා දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් මෙම සංචාරය සිදුකරන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ හා එක්ව සෞඛ්‍ය සායන, පාසල් හා රෝහල් නවීකරණය කිරීම, වෛද්‍ය හා ආපාධා කළමණාකාරණය පිළිබඳව අධ්‍යාපන හුවමාරුව, සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් කාන්තා සහභාගීත්වය වර්ධනය පිළිබඳ දේශන ඇතුළු ක්‍රියාකාරකම් මෙහිදී සිදුකිරිමට නියමිතය. මෙය පැසිෆික් සහයෝගීතාව ලෙසින් හැඳින්වෙයි.

පැසිෆික් සහයෝගීතාව ඇමෙරිකානු නාවික හමුදාව විසින් ඉන්දු - පැසිෆික් කලාපය තුළ ඇමෙරිකාව වසරක් පාසා ක්‍රියාත්මක කරන විශාලතම මානුෂීය ක්‍රියාකාරකමක් වෙයි.  ඇමෙරිකාවට අමතරව ජපාන හා ඔස්ට්‍රේලියා ආරක්ෂක හා සිවිල් සංවිධාන මෙම අභ්‍යාස සඳහා එක්වෙයි. 

 

 



Recommended Articles