ඇමතියි සභාපතියි ඉදිරියේ ගුරුසිංහ බිම


ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දඹුල්ලේදී හෙට (20දා) ආරම්භවීමට නියමිත එක්දින තරගයේ සූදානම පිළිබඳව සොයාබැලීම සදහා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාත් දඹුල්ලට පැමිණියෝය.

ඔවුන්  අමුත්තන්ගේ නැරඹුම් මැදිරියේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතාද එම ස්ථානයට පැමිණියේ..

ගුරුසිංහ මහතාට ඇමති අසළ පුටුවෙන් වාඩිවන ලෙස දැන්වුවද ඔහු එකවරම ඇමති හා සභාපති ඉදිරිපිට බිම වාඩිවිය . මාධ්‍යවේදීන් එකවර ඡායාරූප ගන්නවාත් සමග ඇමති දයාසිරි කිවේ "නැගිටින්න .නැගිටින්න ,බිම වාඩිවෙන්න එපා .ඕකත් හෙට මීඩියා වැටෙයි ."  යනුවෙනි.

සභාපතිවරයාද ඔහුට නැගිටින ලෙස කීවද නැගිට්ටේ නැති නිසා මද වෙලාවක් සිටි ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව යන්නට විය.

1 2 3 4 6

 



Recommended Articles