ඇන්ජලික් හමුවේ සෙරීනා පසුබසියි


ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල ශූරතාව හිමිකර ගැනීමට ජර්මනියේ ඇන්ජලික් කේබර් සම්ත්වූවාය.  මෙය ඇයගේ පළමු ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරගාවලියට වන අතර ඇය හමුවේ පරාජයට පත්වූයේ ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන සෙරීනා විලියම්ස්.

වට 2-1ක් ලෙස ඇන්ජලික් කාන්තා ඒකල ඉසව්ව ජයගත් අතර එහි ලකුණු තත්ත්වය දැක්වුණේ 6-4, 3-6 ක් හා 6-4ක් ලෙසිනි.

සෙරීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් මහ තරගයක් පරාජයට පත්වූ දුර්ලභ අවස්ථාවක ලෙස මෙය ඉතිහාසට එක්විය. ඇන්ජලික් හමුවේ සෙරීනා අවසන්වරට පරාජයට පත්ව තිබුණ් 2012 වසරේ සින්සිනාටි ටෙනිස් තරගාවලියේදීය.

එසේම 1999 වසරෙන් පසුව ජර්මනියට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් හිමිකර දුන් ක්‍රීඩිකාව ලෙසද ඇන්ජලික් මෙම ජයග්‍රහණයෙන් පසුව ඉතිහාසයට එක්විය. 



Recommended Articles