ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය


ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහාය ලබාදෙන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසයි. ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අතර ඔස්ට්‍රේලියාවේ පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අද (15දා) පෙරවරුවේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්දිරයේ මෙම සාකච්ඡාව පැවැත්වීය.

1954 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදීමෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයෙකු ඔස්ට්‍රේලියාවේ ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ඔස්ට්‍රේලියානු රජය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ආචාර වෙඩි මුර 19 ක්ද පිරිනැමිණි. මිනිස් ජාවාරම් වැළැක්වීම හා නිති විරෝධී සංක්‍රමණයන්ට වැට බැඳීම උදෙසා ශ්‍රී ලංකාව නිරතුරුවම ලබාදෙන සහයෝගය මෙහිදී ටර්න්බුල් මහතාගේ ඇගයීමට ලක්ව තිබේ.‍

මෙහිදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගී වන මෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියානු අගමැති ටර්න්බුල් මහතාට ආරාධනා කළේය. දෙපාර්ශ්වයටම ගැලපෙන අවකාශයක තමන්ට ඒ සඳහා සහභාගීවීමට හැකි බව ටර්න්බුල් මහතා පැවසීය.

 unnamed (1) copy unnamed (2) copy unnamed (3) copy unnamed (4) copy unnamed (5) copy unnamed (6) copy unnamed (7) copy unnamed (8) copy



Recommended Articles