ආයුධගල කන්ද නාය යෑමේ අවධානමක්


තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හබරකඩ ඇළ ඉහළ ප්‍රදේශයේ ආයුධගල කන්ද නාය යෑමේ අවදානමක් ඇතැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ හේතුවෙන් එහි නිවාස 12 ක පමණ ජනතාවටඑම ස්ථානවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. කෙසේ නමුත් අදාළ කන්ද පාමුල ඇළ ඉහළ ග්‍රාම සේවා වසමේ පවුල් 350 ක් පමණ වාසය කරන නිසා එම ජනතාව මේ වනවිට දැඩි බියකින් පසුවෙති.

ජනතාව පවසන පරිදි වර්ෂාව පවතින්නේනම් ඔවුන්ට එම ස්ථානවලින් ඉවත් වන ලෙස දන්වා ඇති අතර, එම ස්ථානවලින් ඉවත් වූ පසුතමන්ට වාසයට ස්ථානයක් නොමැති වන හෙයින් ඉඩමක් හෝ නිවසක් ලබාදෙන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed (5) unnamed

හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්

 

 



Recommended Articles