ආබාධිත රණවිරුවන් ශ්‍රී පාදය කරුණා කළ උතුම් පිංකම


උතුරු - නැගෙනහිර ක්‍රියාන්විතයන්හි සේවයේ යෙදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වූ රණ විරුවන් 27 දෙනෙක් නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය කරුණා කිරීමේ සද්කාර්යක්  අද (19දා) අලුයම සිදු කෙරිණි.

ආඩිඅම්බලම ශ්‍රී සරණතිස්සගම, ශ්‍රීජයරාභිරාම විහාරස්ථානුබද්ධ සුමන රණවිරු පදනම මගින් 18 වන වරටත් මෙම සද්කාර්ය සංවිධානය කර තිබූ බව එම පදනමේ සභාපති දරණාගම සුමණරතන හිමියෝ පැවසූහ.

කුරුණෑගල පාමිගොල්ල, ඇදුරාවන, කඹුරුපිටිය අත්තිඩියේ පිහිටි රණවිරු අභිමංසලවල් හා  මිහිඳු සෙත් මැදුර සහ රාගම රණවිරු සෙවණේ ආබාධිත යුද හමුදා සෙබළුන් 27 දෙනෙක් මෙවර රණවිරු කරුණාවට සහභාගී වූහ.

එහිදී ඇවිද යාමට නොහැකි රණවිරුවන් 16 දෙනෙක්  විශේෂයෙන් සකසන ලද පුටුවල හිඳුවා නල්ලතන්නියේ සිට ශ්‍රීපාදස්ථානය  කරුණා කිරීමට අවස්ථාව ලබාදුන්හ.

සරණතිස්සගම, ආඬිඅම්බලම, කෝවින්න, දැවමොට්ටාව, පීල්ලවත්ත, අලව්ව, මහරච්චිමුල්ල, දෙල්ගොඩ, දරණාගම, සීදූව හා කොච්චිකඩේ තෝක්කුව යන ප්‍රදේශවල සිට පැමිණි 200 කට ආසන්න තරුණයෝ පිරිසක් මේ සඳහා දායකත්වය ලබාදුන්හ.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

20170217_233041 copy DSC00872 copy DSC00891 copy DSC00893 copy



Recommended Articles