ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු හරිත සරසවිය වන හෝමාගම පිටිපන එන්.එස්.බී.එම්. හරිත සරසවිය අද (26දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ද එක්වූහ. පාර්ලිමෙන්තුව තුළත් ඉන් පිටදීත් අග්‍රාමාත්‍යවරයා හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අතර සංචාද හටගනියි. එසේම යහපාලන ආණ්ඩුව විවේචනය කරන්නන් අතර දිනේෂ් ගුණවර්ධන මහතා හා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරියෙන්ම සිටියි.
නමුත් මේ සියල්ලන්ම අද හෝමාගමදී එකට එකතු වී තිබෙන අයුරු දැකැගැනීමට හැකිවිය.
අතිගරු ජනාධිපති තුමා සහ අග්‍රාමාත්‍යතුමා අද (26) දින හෝමාගම, පිටිපන NSBM හරිත සරසවිය විවෘත කිරීමේ උත්සවය සදහා සහභාගි වූ අවස්ථාව.