ආචාර්ය මිලිනා සුමතිපාල දැයෙන් සමුගනී


අභාවප්‍රාප්ත ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මියගේ අවසන් කටයුතු අද (29දා) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේදී සිදුකෙරිණි.

පුංචිබොරැල්ල, අංක 11, ආචාර්ය මිලිනා සුමතිපාල මාවතේ පිහිටි නිවසේ තැන්පත්කර තිබූ දේහය පස්වරුවේ රිය පෙරහරින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයට රැගෙන එන ලද අතර, ආගමික වතාවත් සහ ගුණකථනයන්ගෙන් අනතුරුව ආදාහන කටයුතු සිදුකෙරිණි.

සම්භාව්‍ය චිත්‍රපට නිෂ්පාදකවරියක, ප්‍රසිද්ධ සමාජ සේවිකාවක, දක්‍ෂ ව්‍යාපාරිකාවක මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියද වූ මිලිනා සුමතිපාල මහත්මිය ජාතික, ආගමික, සංස්කෘතික සේවා රැසක් රටට දායාද කළ කාන්තාවකි.

මිලිනා සුමතිපාල මහත්මිය යන අයගේ ලෝක බෞද්ධ සම්මේලනයේ උප සභාපති සුමති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල , නියෝජ්‍ය කථානකායක ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ,සන්ධ්‍යා අලහේන්ද්‍ර, රමණී ගුණදාස , අනෝජා චන්ද්‍රතිලක , අනුෂා ධර්මදාස , ශානිකා එදිරිසිංහ යන අයගේ මැණියන් වේ.

ඡායාරූප - ඉසුරු පෙරේරා

AID_5692 AID_5700 AID_5705 AID_5708 AID_5711 AID_5714 AID_5718 AID_5722 AID_5732 AID_5736 AID_5745 AID_5752 AID_5753 AID_5757 AID_5769 AID_5784 AID_5792 AID_5800 AID_5802 AID_5814 AID_5823 AID_5852 AID_5853 AID_5856 AID_5869

 



Recommended Articles