අසිරිමත් නත්තල උදාවේ


ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසු සමිඳාගේ උපත සමරන නත්තල් උදාව අද (25දා) දිනය උදාවත්ම සිදුවිය.

වසර 40කට පසුව පූර්ණ චන්ද්‍රයාගෙන් පිරුණු රාත්‍රියක නත්තල උදාව සිදුවීමද මෙවර විශේෂත්වයක් බව කියැවෙයි.

මෙවර නත්තල් උදාව නිමිත්තෙන් දිවයින පුරා සෑම කුතුනු දේවස්‌ථානයකම 24 වැනිදා මැදියම් රාත්‍රියේ සිට දේව මෙහෙයන් පැවැත්වේ.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දේව මෙහෙය හංවැල්ල වික්ෂෝප දේව මාතා දෙව් මැඳුරේදී 24 දා රාත්‍රියේදී පැවැත්වේ.

කිතුනු බැතිමතුන් අද (25දා) දවස පුරා නත්තල උත්සවාකාරයෙන් සමරන අතර විශේෂ නත්තල් දේව මෙහෙයන්ද දිවයින පුරා කිතුනු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

සිතුවම් - සෙනරත් ධර්මතිලක
 



Recommended Articles