දකුණු අප්‍රිකා කණ්ඩායමක් මෙන්ම නවසීලන්ත කණ්ඩායමක් මීට ඉහතදී ලෝක කුසලාන තරගාවලිය අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබා නොතිබුණි. කෙසේ වෙතත් එම අපලය අද නවසීලන්තය විසින් ගෙවා දමන ලදී. ඔවුන් අවසන් මහ තරගයට ඉඩ වෙන්කර ගන්ද්දී දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය. තරගයේ වෙනස කළේ නවසීලනත්යේ ග්‍රාන්ට් එලියට්ය. ඔහු නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ඩේල් ස්ටේන්ට වේගවත් හයේ පහරක් එල්ල කරමිනි. එය ස්ටේන්ට මහත් වේදනාවක් විය. ඔහු පිටියේ වැතිර සිටියේය. ඔහු අසළට පැමිණි ග්‍රාන්ට් එළියට් ස්ටේන්ට අත දී ඔහු නැගිට්ටවීය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයයි.