අවසානයේදී


දකුණු අප්‍රිකානු කණ්ඩායමක් හෝ නවසීලන්ත කණ්ඩායමක් මීට ඉහතදී ලෝක කුසලාන තරගාවලිය අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබා නොතිබිණි. කෙසේ වෙතත් එම අපලය අද (24දා) නවසීලන්තය විසින් ගෙවා දමන ලදී. ඔවුන් අවසන් මහා තරගයට ඉඩ වෙන්කර ගනිද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවිය. තරගයේ වෙනස කළේ නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට්ය. ඔහු තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කළේ ඩේල් ස්ටේන්ගේ පන්දුවකට වේගවත් හයේ පහරක් එල්ල කරමිනි. එය ස්ටේන්ට මහත් වේදනාවක් විය. ඔහු පිටියේ වැතිර සිටියේය. ඔහු අසලට පැමිණි ග්‍රාන්ට් එලියට් අත දී ස්ටේන් නැගිට්ටුවීය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයයි.



Recommended Articles