සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (11දා) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ අනුව අභ්‍යන්තර වෙළෙද කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වර්ණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකත් සීට්ටුව පිළිගන්වන ලදී.
අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ළිපගිනි දැල්වීම, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකීරක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකත් සීට්ටුවට ඇතුළත් වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු මැතිඇමතිවරු සහභාගී වූහ.