අලුත් අවුරුදදේ වැඩ හොරකමකින්ම අල්ලයි


හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ගණදෙවි හින්දු කෝවිලේ සරස්වති දේවියන්ගේ ප‍්‍රතිමාවට පලඳවා තිබු රන් ආභරණ සහ කෝවිලේ තිබු පඬුරු පෙට්ටිය කිසියම් පිරිසක් විසින් අද  (01දා) අලුයම සොරාගෙන ඇති බව හැටන් පොලීසිය කියයි.

නව වසරේ ආශීර්වාද පතා පැවැත්වෙන විශේෂ පූජා නිසා එහි ප‍්‍රධාන පුජකවරයා විසින් දේව ප‍්‍රතිමා රන් ආභරණ පලඳවා මල්වලින් සරසා අලුයම 2.00ට පමණ එම කෝවිලේම යාබදව පිහිටි පුජකවරයාගේ නිවසට විවේක ගැනීම සඳහා ගිය අවස්ථාවේ පසුපස දොරෙන් පැමිණි පුද්ගලයෙකු රන් ආභරණ සහ පඬුරු පෙට්ටිය සොරාගෙන යන අයුරු කෝවිලේ සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරා දර්ශනවල පටිගත වී ඇත.

සිද්ධිය සමිබන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලීසිය පරික්‍ෂණ ආරමිභ කර තිබේ. සොරාගෙන ඇති රන් ආභරන වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.

01 02 03 04 05 06 07



Recommended Articles