අලුත්ගමදී දුම්රිය දෙකක් ගැටෙයි


අද (07දා) අලුයමදී අලුත්ගම දී දුම්රිය දෙකක් ගැටී තිබේ.

අලුයම හලාවත බලා පිටත් වීමට නියමිත දුම්රිය, අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබිය දී මුහුදු බඩ මාර්ගයේ පැමිණි තෙල් දුම්රියක් මෙසේ නවතා තිබූ දුම්රියේ ගැටී ඇත.

අනතුරෙන් රියදුරකු පමණක් සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය මැදිරි කිහිපක් පීලි පැන ඇත.

 

ඕෂනී සඳලිකා 

 



Recommended Articles