අයහපත් කාලගුණය නිසා උතුරේ පාසල් වැසේ


උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද (16) දිනයේ උතුරේ සිංහල, දෙමළ සියලුම පාසල් වෙත නිවාඩු ලබාදීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

සතියක කාලයක් පුරාවට අඛණ්ඩව වර්ෂාව ඇදහැලීම නිසාවෙන් පසුගිය දිනවල උතුරේ සාමාන්‍ය ජනජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් පාසල් ළමයින්ගේ පැමිණීමද අඩුවූ අතර, මේ හේතුව නිසාවෙන් අද දිනයේදී පාසල් නිවාඩු ලබාදීමට උතුරේ අධ්‍යාපන බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මේ අනුව ඊයේ සවස දිස්ත්‍රික් කලාප අධ්‍යාපන කාර්යාල මගින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට අද (16දා) දින නිවාඩු බව දන්වා ඇති අතර, ඒ පිළිබඳව නොදත් බොහෝ පාසල් ළමයින් පිරිසක් අද උදෑසන පාසල් වෙත පැමිණ නැවත නිවෙස් වෙත යන අයුරු දැකගැනීමට හැකි විය.



Recommended Articles