අම්පාර රූපස්කුලම් ප්රදේශයේදී වීර වික්රමාන්විතව දිවි පිදූ පොලිස් විරුවන් 400කට අධික පිරිසක් සිහි කිරීම වෙනුවෙන් ශ්රී ලංකා පොලීසිය විසින් පවත්වනු ලබන උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්රධානත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ගේ දෙමවුපියන් සහ ඥාතීන්ගේද සහභාගිත්වයෙන් අද (11දා) පැවැත්විණි.
තිරුක්කොවිල් පොලිස් වසමේ රූපස්කුලම් වනානන්තරයේදී 1990-06-11 වැනි දින එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් නිරායුධව සිටි පොලිස් නිලධාරීන් 400 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය.
එම විරුවන් සැමරීම සෑම වසරකදීම අම්පාර පොලිස් මූලස්ථානයේදී සිදු කරයි. සිද්ධිය වූ ස්ථානයේදී සැමරුම සිදු කරන ප්රථම අවස්ථාවද මෙය වන අතර එහිදී පොලිස්පතිතුමන් විසින් එම ස්ථානයේ රණවිරු ස්මාරකයක්ද නිරාවරණය කරන ලදී.