පණ්ඩිත් අමරදේවයන් සමුගනියි


අසනීප තත්ත්වයක් හේතුවෙන් රොහල් ගත කළ පණ්ඩිත් අමරදේවයන් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 88 වැනි වියේ පසුවිය. 1927 වසරේ දෙසැම්බර් මස 5 දා මොරටුවේ උපතලද අමරදේවයන්ගේ මුල් නම වූයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරෙරායි.

සිංහල සංගීතය වෙනුවෙන් අනූපමය මෙහෙයක් ඉටුකළ පුද්ගලයන් අතර මුල් තැන අමරදේවයන්ට හිමිය.

මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්‍රංශයේ සම්මානයට පාත්‍ර වී ඇති අමරදේවයන් ශ්‍රි ලංකාවේ දේශමාන්‍ය, කළා කීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.

අමරදේවයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ගායකයෙකු ලෙස මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස අමරදේව මහතා ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකළේය. ඔහුගේ ගීත වෙනුවෙන් ලොකු කුඩා සෑම අයෙකුම එක සේ ඇළුම් කරයි. 

 


පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් අද (03දා) ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අමරදේවයන්ට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇති බවද වාර්තා වෙයි. අමරදේවයන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට යොමුකර තිබේ.

 



Recommended Articles