ශ්‍රී ලංකා කණ්ඩායම නැගී සිටීමේ අදිරයක පසුවුවත් එහි වගකීම බාරගැනීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණකරු ග්රැහැම් ෆෝඩ් මහතා පැවැසීය.
හෙතෙම මේ බව සඳහන් කළේ, අද (02දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
2012 වසරේ සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තමාට නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස එකතු වීමට ලැබීම සතුටක් බවත් ඔහු සඳහන් කළේය.
"මේක මට විශාල අභියෝගයක්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නැවත නැගී සිටීමේ ආරම්භක අදියරේ ඉන්නේ. විශාල වැඩකොටසක් අපට කරන්න තිබෙනවා. මේ අදියරේදී අපි හොඳ පදනමක් දමාගත යුතු වෙනවා. දක්ෂතාවෙන් අනූන ක්‍රීඩකයන් අපිට ඉන්නවා.
ඔවුන් හඳුනාගෙන මානසිකව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. කණ්ඩායම අඛණ්ඩ තරග දිනන කණ්ඩායමක් බවට පත්කළ යුතුවෙනවා. මේකට කාලයක් යනවා. ඒ වැඩකොටසට මම විතරක් නෙමෙයි හැම කෙනෙක්ම එකතුවෙන්න වෙනවා. මම අභියෝගය බාරගන්න සූදානම්. කොල්ලන් සමග කාර්යබහුල වෙන්න බලාපොරොත්තු වෙනවා. තරුණ ක්‍රීඩකයන්ගේ වර්ධනය ගැන සිතිය යුතු වෙනවා. ඒක ලොකු අභියෝගයක්" යැයි ඔහු සඳහන් කළේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ