අප්‍රේල් 21 වන දිනය වන විට වැසි නොලැබුණහොත් ජල විදුලි උත්පාදනය නවතා දැමිමට සිදුවන බවත් මැයි මාසය අවසන් වන තුරු නියඟය පැවතියහොත් පානිය ජලය සැපයිමත් ගැටළුවක් වන බව බලශක්ති හා පුනර්ජනණීය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඇමතිවරයා එසේ පැවසුවේ මස්කෙළිය මවුස්සාකැලේ ජලාශයේ සිඝ්‍රයෙන් පහත බැස ඇති ජල මට්ටම නිරික්ෂණය කිරිමේ චාරිකාවක් සඳහා ඊයේ (18දා) එක්වෙමිනි.
අක්කර අඩි 43000 ක් වු කාසල්රී ජලාශයේ වර්තමාන ජල මට්ටම 38 % දක්වාත් අක්කර අඩි 93000 ක් වු මවුස්සාකැලේ ජලාශයේ ජල ම්ට්ටම 33.8 % දක්වාද පහත බැස තිබේ. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම 31 % ද සමනළ ජලාශයේ ජල මට්ටම 17.2% ලෙසද පහත බැස තිබේ.
“අංක එක දෙන්නේ පානිය ජලය සපයා ගැනිම සඳහා. දෙවනුව කෘෂිකර්මාන්තය සදහා. තෙවන අවස්ථාව තමයි විදුලිය නිෂ්පාදනය. මෙම ජලාශ වලින් ජලය මුදා නොහැරියොත් කොළඹ ජනතාවට පානීය ජලය නෑ.අ ඹතලේට කරදිය මිශ්‍රවෙනවා. ඒ නිසා 10% විදුලිය නිෂ්පාදන සඳහා යොදාගනිමින් පානිය ජලය සදහා ජලය ලබා දිමත් කරනවා.
අප්‍රේල් 21 වන දිනය වන විට ප්‍රමාණවත් තරම් වැසි නොලැබුණහොත් ජලවිදුලි උත්පාදනය නවතා දැමිමට සිදුවනවා. කිසිම විදුලිය කප්පාදුවකින් තොරව පාරිභෝගිකයට බරක් පටවන්නේ නැතුව අඛණ්ඩව විදුලිය සැපයිමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.” යැයිද මෙහිදී අමාත්‍යවරයා පැවැසීය.
චන්දන ජයවීර