2011 වසරේ අප්‍රේල් මාසය හා 2014 වසරේ අප්‍රේල් මාසය ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍යට වඩාත් වැදගත් වූ මාස දෙකක් වශයෙන් හඳුනා ගැත හැකිය. ඒ 2011 වසරේ අප්‍රේල් මස 02දා පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාවේදි ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අනුශූරයන් බවට පත්වීමත්, ඊට වසර තුනකට පසුව එනම් 2014 වසරේ අප්‍රේල් මස 06දා ඉන්දියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක ශූරයන් වීමට ශ්‍රී ලංකාව සමත්වූ හෙයිනි.
2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි වේගවත් 6යේ පහරක් එල්ල කරමින් ලෝක කුසලානය ජයගත් අතර එවිට කඩුලු රකින ක්‍රීඩක මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර දෝනිගේ හයේ පහර දෙස බලා සිටින ඡායාරූපය හා 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන් හයේ පහර ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි බලා සිටි ආකාරය වැඩි කතාබහට ලක්වූ ඡායාරූප දෙකක් බවට පත්විය.
තරගාවලි දෙකේම ඉන්දීය හා ශ්‍රී ලංකා ප්‍රෙක්ෂකයන් සතුටු වූ හා දුක් වූ අයුරු මෙසේ ඉදිරිපත් කළ හැකිය.
2011 වසරේ එක්දින ලෝක කුසලානය ජයගැනිමෙන් පසුව ඉන්දිය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුතගත් අතර 2014වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලානය ජයගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයන් දෙපළක් වන සංගක්කාර හා මහේල පිටියෙන් සමුගත්හ.