අනුරගේ සුසිල්ගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම්‍


ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ තිබේ.

අදාල තීරණයේ  ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද මේවනවිට යවා තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම හේතුවෙන් පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.



Recommended Articles