ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා 20 න් පහළ රග්බි තරගාවලියේ තරග කාලසටහන අද (15දා) නිල වශයෙන් එළිදැක්විණි. එළඹෙන 18 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා කාණ්ඩ 03 ක් යටතේ කණ්ඩායම් 69 ක් තරග වැදීමට නියමිතය.
මෙම කණ්ඩායම් තරග වදින ආකාරය පිළිබඳ මෙහිදී ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විස්තරාත්මකව මාධ්‍ය වෙත කරුණු දැක්වූ අතර, තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම ක්‍රියා කරයි.
පසුගිය වර මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහාද මෙහිදී ශූරතා කුසලාන පිරිනැමීමක් සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රෙසේකර, එහි ලේකම් සුසන්ත මෙන්ඩිස් හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් එහි අලෙවි හා වෙළෙඳ අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
පසුගිය වර අනුශූරතාව (පළමු කාණ්ඩය) - ඉසිපතන විදුහල - කොළඹ
පසුගිය වර ශූරතාව (පළමු කාණ්ඩය) - රාජකීය විදුහල- කොළඹ
පසුගිය වර දෙවැනි කාණ්ඩයේ ශූරතාව - පානදුර රාජකීය විදුහල
ඡායාරූප -ඉසුරු පෙරේරා