අනතුරක් අතළඟයි


කෝට්ටේ මහ නගර සභාවේ මූලිකත්වයෙන් රාජගිරිය මංසන්ධිය අසල පැරකුම් උද්‍යානය ඉදිරිපිට සුපිරි වෙළෙඳ සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී.

එහි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ඇති දොඹකරයේ බර යොදා ඇති කොටස මහාමාර්ගයට යොමුවන සේ සවිකර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි විශාල බරක් මේ ආකාරයෙන් මහාමාර්ගයට යොමුවන ආකාරයෙන් සවිනොකරන අතර, එසේ සවිකිරීම නීතිවිරෝධීය.

එමෙන්ම මේ හරහා විශාල අනතුරක් විය හැකි බැවින් එය වළක්වා ගැනීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමයි. 



Recommended Articles