දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම අන්තර් හුවමාරුවේ අද (24දා) දිගු වාහන පෝළිමක් පැවතිණ. සමහර අවස්ථාවලදී එය කිලෝමීටර දෙකක පමණ දුරකින් යුක්තවිය. පවතින තදබදය මගහැරවීම සඳහා අතිරේක කවුළුවක්ද පිටවීම සඳහා යෙදු බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා පැවසීය. මෙය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවත් මේ හේතුවෙන් ගොඩගමින් පිටවීම වෙනුවට වෙනත් අන්තර් හුවමාරු මධ්‍යස්ථානයකින් පිටවන ලෙස මාතර දෙසට ධාවනය වන රථවාහනවල රියදුරන් දැනුවත් කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුමෙන්ද අද අලුයම සිට වාර්තාගත වාහන සංඛ්‍යාවක් ධාවනය කළ බව අධිවේගී මාර්ග ආරංචි කියයි.
අද (24) උඳුවප් පොහොය නිවාඩුව හා සිකුරාදා නත්තල් දිනයත් සමග දින හතරක දීර්ඝ නිවාඩුවක් ලැබීම නිසා බොහෝ දෙනා විනෝද හා වෙනත් ගමන්බිමන් යන නිසා මෙම රථවාහන පෝලිම් දක්නට ලැබේ.
එච්.ඊ.ඒ. ප්‍රසාද් / රවීන්ද්‍ර ශ්‍රී ලාල්