අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ දෙදින නිල සිංගප්පූරු සංචාරය එළඹෙන සඳුදා (18 වැනිදා) සිදු කිරීමට නියමිතය.
සංචාරය ආරම්භ කරමින් අග්රාමාත්යවරයා 18 වැනිදා පෙරවරුවේ සිංගප්පූරුවට ළඟාවීමට නියමිත අතර, එහිදී ඔහු පළමුවෙන්ම දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවට එක්වීමට නියමිතය.
සමුළුවේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වන අග්රාමාත්යවරයා එහිදී සමුළුව අමතා ප්රධාන දේශනය සිදු කිරීමටද නියමිතය.
ඉන් අනතුරුව සිංගප්පූරු ජනපති ටෝනි ටෑන් මහතා හා අගමැති ලී සියෑන් ලූන්ග් මහතා හමු වී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
අගමැතිවරයාගේ සිංගප්පූරු සංචාරයේදී දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇත.