අගමැති ජපානයේ සාම්ප්‍රදායික තේ පිළිගන්වයි


සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපාන සංචාරය ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේදී ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවිය.

කියෝතෝ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම හමුව සිදු විය. එහිදි ද්විපාර්ශ්වීය වශයෙන් වැදග්ත කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කියෝතෝහි පැවැති 12 වැනි විද්‍යා හා තාක්ෂණික සමාජ සැසිය ඇමැතීය.

මේ අතර කියෝතෝ හි පැවැති ජපාන සාම්ප්‍රදායික තේ පිළිගැන්විමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්විය. එහිදී දිවා ආහාරය සඳහාද අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එක්වූහ.

ප්‍රදීප් පතිරණ ජපානයේ සිට



Recommended Articles